Friday, July 18, 2014

නුඹට හැඟෙනා

මේ පෙනෙන සැහැල්ලුව ,නිදහස 
නුඹට හැගෙනා ...
මගෙන් දුරකට 
ඇදී ගොස් බව
නුඹ  දැනගෙන උන්නා නම් ...
කිසිදිනක නිදහසේ 
මා සේම දුරකට 
ඉගිලෙන්නට නොසිතෙයි 
නුඹට නම් ...
වැයෙන අත් තටු තාල නගමින් නොව 
වේදනාවට ගැහෙන පියාපත් 
මේ දරනුයේ 
නිවාගන්නටයි ගින්දර 
හදෙහි ඇවිලෙන 
අදට හෝ ..... 
නිමන්තිකා 

11 comments:

  1. එක දවසකට හරි වේදනාව නිවා ගත්තත් ආයෙ ආයෙම ඒ හැම දේම ඉබේම වගේ හිතට එනවා..

    ReplyDelete
  2. ඔයා හරි දිනේෂ් ..මම මේ කවිය ලිව්වේ ශානු අක්ක ලිව්ව වගේ මනෝකායක් ගැන..මේ ලෝකේ දාල යන්න අමාරුම දේවල් නිසා නැවත එන්න බැරී උනත් ඒ දේවල් වටේ පාවෙන ඒ වගේ අසරණ වුනු අයට හිතෙන දෙයක් විදියට ලිව්වේ ..

    ReplyDelete
  3. අපූරුයි...
    මොකද මේ තරගෙට වගේ පෝස්ට් වැටෙන්නෙ

    ReplyDelete
    Replies
    1. අනේ තරඟයක් නෑ ..එත් මේ නිසදැස හදන්න ශානු අක්කිය ලියපු කතාව හොඳ ප්‍රවේශයක් නම් උනා ..
      ඒකට එයාට ස්තූතිය හිමිවෙන්න ඕන ..

      Delete
  4. අපි හැමෝම ආසයිනෙ එක දවසක් හෝ සැනසෙන්න, හදේ ගිනදර නිවලා.

    ReplyDelete
  5. පුංචි පද ටිකකින් ලොකු කතාවක් කියල තියෙනවා. ඒ විදියට ලියන දේවල් හිතන්න දෙයක් ඉතිරි කරනවා.. ඒ විදිය හොඳයි ලස්සනයි.. දිගටම ලියන්න...

    ReplyDelete
  6. පද ටික ලස්සනයි ,දලා තිබුණ ෆලෝ ගැජට් එක කෝ ????????????

    ReplyDelete
    Replies
    1. ඔය තියෙන්නෙ උඩින් සහෝ

      Delete