පළාතම අඳුරු කරගෙන ,ගස්වැල් අඹරවාගෙන ලොකුම ලොකු කුණාටු පරිසරයක් එක්ක නා කපන වැස්සක් ඇදහැලෙනව.මං දන්නව වහින වෙලාවට ඔයා ලෝකේ කොයි කෙලවරේ උන්නත් ඔයාගෙ හිත මං ගාවට දුවන් එනව කියල .ඒ තරමටම ඔයයි මමයි වැස්සයි හරිම ලඟයි .
වහින වෙලාවට මගේ හිතට පිහාටු ලැබෙනව.ඈතට ඈතට ඉගිලිලා යන්න තරම් සැහැල්ලු වෙනවා .වැස්සේ තෙමි තෙමි දඟ කරන එක පුන්චිකාලෙ ඉඳලම මට තිබුන පුරුද්දක්...එත් ඉතිං ඔයා බයයිනෙ මං තෙමිල ලෙඩ හදාගන්නව කියල.ඉතිං ඔයාගෙ උනාට පස්සෙ වහින වෙලාවට එලියට පැනල එක ඕසෙට තෙමෙන්න හිතුනත්,ඔයාට call 1ක් හරි පුංචි sms 1ක් හරි දීල ඒ ගැන අහල ඔයාව කලබල කරන තරමට මං බොළඳ වෙනව.මගේ හැටි දන්න නිසාම ඔයත් හරිම ආදරෙන් එව ඉවසනව.
වැස්සයි ඔයයි මමයි එක්ක තියෙන මතකයන් නම් හුගක් තියෙනව.දවසක් නිදහසේ සැරිසරන්න කියල ඉදි වෙලා තියෙන ප්‍රසිද්ධ ස්ථානයක වාඩි වෙලා අහස දිහා බලන් ඔහේ කියව කියව ඉද්දි එකපාරටම වැස්සක් කඩන් වැටුන . එදා නම් ඔයාටවත් මාව නතර කරන්න පුළුවන් උනේ නෑ.
දෙනෝදාහක් මැද්දෙ ලෝකෙම දිනුව වගේ මං උඩ පැනල කෑ ගගහ දැඟලුව.ඔයා මාව නතර කරන්න කොයි තරම් උත්සහ කලත් අන්තිමේ ඔයාම හති වැටිල බොරුවට තරහ මුණක් මවන් මා දිහා බලං හිටිය.එත් ඔය දිළිසෙන ඇස් අස්සෙ ලොකූ ආදරයක් ඒ වෙලාවෙත් තිබුන..
තවත් දවසක campus එකේදී වැස්ස වැටෙනකොට ඔයා මාවත් ඇදන් බුදු පිලිමෙ ලඟම තිබුන ටකරන් මඩුවට දුවල ගියත් ඈත වැහි බින්දු වැටෙන හැටි දැකල හිත සලිත වුන නිසාවෙන්ම ඔයාවත් අතඇරල බෑග් එකයි කුඩෙයිත් බිම දාල මං එලියට පැනල උඩ බලාගෙන තෙමුන.එදා ඒ හට් එක ඇතුලෙ ඉඳපු අනිත් ළමයි ලෝකේ අටවෙනි පුදුමේ දිහා බලනව වගේ බලන් ඉද්දි ඔයා කොයි තරම් නං අසරණ වෙන්න ඇතිද කියල දැන් තමයි මට තේරෙන්නෙ.අන්තිමට මගේ බෑග් එකයි කුඩෙයි අරගෙන මාවත් ඇදගෙන ගිහින්, සාක්කුවෙන් ලේන්සුවක් ඇදල අරං ඔළුව පිහිදල ,හොඳ සත්තමකුත් දැම්ම .කෝම හරි එදා තෙමිල මට හෙම්බත් හැදුන.
ඇයි ඉතිං අව්වට කුඩේ ඉහලන්නත් කම්මැළි මම වැස්ස වෙලාවට බොහොම කැමැත්තෙන් කුඩේ අතට ගන්නෙ ඔයවයි මාවයි දෙන්නම තෙමෙන්න කියල ඔයා නොදන්නවා නෙවෙයි නේ ...ඇයි දවසක් හයියෙන් වහින වෙලාවක බස් එකේ අපි එනකොට වෙච්ච සිදුවීම .(ඒ ගැන වැඩි විස්තර වෙනම ලියන්න ඕනි )ඇයි ඔයා ගෙදර ගියපු දවසක හොදටම හවස් වෙලා ගොරව ගොරව වහිද්දි මං පාරෙදි අඬ
අඬ ඔයාට call කරපු දවස....එදා නම් උණ ගැනුනේ ඔයාට . මොකද වැස්ස යට කොයි තරම් පිස්සුවෙන් දඟ කරත් අකුණු වලට ගොරවනවට මම කොයිතරම් බයද කියලත් ඔයා දන්නවනෙ.
ඒ නිසා වහින හැම මොහොතකම , මං වැස්ස යට දඟ කරයිද ,ගොරවනවට බය වෙයිද ,ඒ මුකුත් නැත්නම් මගේ කවි සිතුවිල්ලක් ලෝකයට නිදහස් වෙයිද කියල ඔයාගෙ හිත මං ගැන කළබල වෙන බව නම් මං දන්නව.
ඉතිං "දිළිසෙන ඇස් "වැස්සයි මමයි ඔයයි හුගක් ලඟයි ඒක හැමදාමත් එහෙම වෙයි ...
(පොස්ට් එක දිග වැඩිද මන්දා...එත් පුළුවන් උපරිම කෙටියෙන් තමයි ලිව්වෙ.)
නිමන්තිකා
Nice blog keep up the great work.
ReplyDeleteThanks a lot buddhi... :)
Deleteම්ම්... සෑහෙන්න පොදු තත්වයක්.. පුද්ගලිකව මමත් අත් විඳලා තියෙනවා..
ReplyDeleteඔයා ලස්සනට ලියනවා..
ආහ් ඇත්තද අමිල ? හරිම සුන්දර අත්දැකීමක් නේ ;)
ReplyDeleteඔක්කෝටම කලින් හෙඩිමේ තියෙන පින්තූරය ඉවත් කරලා තිරස් අතට තියෙන පින්තූරයක් දාන්න. එන ඕන එකෙක් හොල්මන් වෙනවා. මොකෝ පෝස්ට් එක තියෙන්න ඕන පේන්න.
ReplyDeleteහොඳමයි මාතලන් ...:)
Deleteසාර්ථක සුන්දර ලියවිල්ලක්. දිගටම ලියන්න. සුපැතුම්..!!!
ReplyDeleteබොහෝම ස්තූතියි .. :)
Deleteෆලෝ කරන්න ගැජට් එක දාන්න ...
ReplyDeleteහාකො සහෝ
Deleteපට්ට
ReplyDeleteස්තූතියි :D
ReplyDeleteමට ඔයාගේ බ්‍ලොග් එකේ නම දකිනකොටම මතක් උනේ ඇත්‍තම කියන්‍න එපැයි ''සමන් එදිරිමුණි තරුණයා පත්‍තරේට ලියපු 'සුළඟ නුඹ සහ මම ' කියන කතාවේ නම ''කොහොම උනත් සරල උනත් සිද්‍දිය ලස්‍සනට ලියලා තියනවා , බොහොම සරල බාසාවකින් ලියන්‍න අරගෙන තියන උත්‍සාහය සාර්ථකයි දිගටම ලියන්‍න
ReplyDeleteදැන් නම් මටත් ඒ කතාව කියවන්න හිතුනා.බලමු .කොහොමහරි හොයාගෙන කියවන්න ඕන. බොහොම ස්තූතියි .ඔයාල හැමෝගෙම
ReplyDeleteඅදහස් මට හුගාක් වටිනවා .
වැස්ස ගැනත්, ඒ පෙම්වතාගෙ ආදරේ ගැනත්, කෙල්ලගෙ දඟකම ගැනත් ආස හිතුනා
ReplyDeleteනියමයි