Sunday, July 6, 2014

එනු මැන....

ලස්සන සිහින රැයකදි සුදු සඳ                    ලෙසට 
නූඹ රුව පෙනෙයි මැවි මැවි යලි මගෙ         සිතට 
ඉස්සර වගේ ලංවීගෙන නුඹ                         ලඟට 
ආදරෙ කියන්නට තාමත් හිතෙයි                     මට

තරු මල් දියේ ගිලි ගිලි සඳ නැති                  දුකට
වැහි බිඳු වැටේ සීතල මල් පෙති                  මතට 
අමවක් රැයක නුඹ සුදු පුන්සඳ                  ලෙසට 
ඉස්සර දිනක ආලෝකය උනා                      මට 

නෙතුපිය පුරා ඉහිරී යන                     කඳුලකට 
සුසුමක් මුසුකරමි පරමල්                     සුවඳකට 
රහසක් කියා පාවෙන උඩු                  සුළඟකට 
නුඹ වෙත එවමි එනු මැන යලි             සිහිනයට 

                                                                 
නිමන්තිකා...

3 comments:

  1. අපූරුයි...
    හිතට දැනෙන නිර්මාණයක්...
    උදව් ඕන කීවට මොන වගේ උදව්වක්ද ඕන කීවෙ නෑනෙ

    ReplyDelete
  2. අවංක අදහස් දැක්වීමම ලොකු උදව්වක්නේ
    ;)

    ReplyDelete
  3. ස්තූතියි හොඳේ :)

    ReplyDelete