Wednesday, July 9, 2014

නිහඬ වූ මුවක හඬ

මා දෙස
ශෝකී වෙසින් බලාපු ,
හොර ඇහින් බලාපු ,
අමනාපෙන් බලාපු ,
උපහාසයෙන් බලාපු ,
හිස් බැලුම් හෙලාපු ,
ස්තූතියි !
මෙකී නොකී සකල දනන් හට 
එත් 
නොවැටහුනි 
වැටහුනු බවක් 
මගේ නිහඬ සුගායනය 
මා අනිකකු නොව 
ඔබේ අනාගත ඉරණමේ 
සංකේතය මිස ...

නිමන්තිකා


4 comments:

  1. මලා...
    මේ මක්කැයි මේ...
    සෝකී සුගායනා

    ReplyDelete
    Replies
    1. සමහර වෙලාවට ලෝකෙන් එන විවිධාකාර බැලුම් ඉදිරියේ අපිට මුනිවත රකින්න වෙනවනේ ... ඒ වගේ වෙලාවට හිතට දැනුනු හැගීම් තමයි මේ... ස්තූතියි නිතර මේ පැත්තේ ඇවිත් යනවට , අදහස් දක්වනවට . :)

      Delete
  2. නන්දා මාලිනීගේ " පුජාසනයේ ඔබ හිඳුවා.." සින්දුව මතක් වෙනවා. ලස්සනයි.. හොඳට හිතල ලියල තියෙනවනේ..

    ReplyDelete
  3. ඔයාට ඒ වගේ හැගීමක් දැනුන කියන්නේ මාගේ කවිය යම්තාක් දුරට සාර්ථකයි .ස්තූතියි අමිල

    ReplyDelete