Tuesday, July 15, 2014

FM අන්දරය


ඉතිං  "දිළිසෙන ඇස් " ..ඔයයි මමයි වැස්සයි හුගක් ලඟයි නොවැ . වැස්ස එක්ක අපේ තියෙන තවත් සොඳුරු මතක වලින් එකක් තමයි මේ..
                                  මේකයි කතාව.දවසක් මම "දිළිසෙන ඇස්" එක්ක හවස 6.30 ට විතර 120 කැස්බෑව පිටකොටුව බස් එකක හිටගෙන එනව ජොබට ගිහින්..අවට හොඳටම වැස්ස, නිකං නෙවේ අකුණු ගහනව,ගොරවනව එක යුද්දයයි.මං ඉතිං වැස්ස යටදි කොයි තරම් පිස්සු නැටුවත් අකුණු වලට බයයි නොවැ .
ඉතිං මං දිළිසෙන ඇස් ලගට කිට්ටුවෙලා ඇහුව "අපි බස් එකේ යද්දි අපිට අකුණු වදින්නෙ නැද්ද?"
ඉතිං දිළිසෙන ඇස් එයා දන්න ශිල්ප ඔක්කොම දමල මට ඒ ගැන විස්තර විචාරයක් දෙනව.ඔය අතරෙදි FM නාලිකාවේ නිවේදනය වුනා ලස්සන ළයාන්විත කටහඬකින් මෙන්න මෙහෙම දෙයක් ,""වැස්ස වෙලාවට මං මගේ boy friend එක්ක කතා කර කර  බස් එකේ යන්න හරිම අසයි... "  මමයි "දිළිසෙන ඇස්" යි මුනට මූන බලා ගත්ත.ඒ 
සැනෙන්ම අපිට තේරුනා මහ අමුත්තක්.එතකොටම අර නිවේදිකාව කියපි , අපි දැන් "...."(FM නාලිකාවේ නම)අහගෙන යනගමන් ඉන්නෙ .දැන් වටේටම හොඳටම වහිනව.බස් එකේ මාර්ග අංකය ,බස් රථය ලියාපදිංචි අංකය වගේම කොන්දොස්තර ,ඩ්‍රයිවර් මල්ලිලා ඇඳල ඉන්න T Shirt වලත් පාට කියපි.
ඉතිං අපිට දැනුන අමුත්ත ගැන අයෙ ඔයාලට සැකයක් නෑනේ..ඒ වෙලාවෙ විස්තර විචාරයට අදාල වන ගනයට අයත් උනේ දිළිසෙන ඇසුත් මමත් විතරයි.(තව අයියෙකුයි අක්ක කෙනෙකුයි හිටිය ඒ  දෙන්නත් හොදටම දොයි )
                                   බස් එකේ ඉඳපු කස්ටියගෙන් "ටියුබ් ලයිට්" නොවුන ටික දෙනෙක් හැරෙන්න අනිත්  හැමෝම වගේ අපේ  දිහා අමුතුවට බලල හිනාවක් දාද්දි මට නං වැස්සෙම හීන් දාඩියකුත් දැම්ම.
ඒ  එස් .එම් .එස්. එක  අර   FM නාලිකාවට කව්රු යැව්වද කියන එක අදටත් අපිට රහසක් උනාට ඒක අපේ ආදර අන්දරයට තවත් රසබර මතකයක් එක් කල බව නම් ඉතිං කියන්නම ඕනි.එදා "අයියෝ සල්ලි "කියල දිළිසෙන ඇස් ගෙ කටින් පිට වුනත් අදත් ඒ ගැන මතක් කරද්දි එයාගෙ දිළිසෙන ඇස් තවත් දිළිසෙන බවත් 
කියන්න ඕනි.  

17 comments:

  1. මෙකට ෆලෝ ගැජට් එක දාන්න පුළුවන් නම් ,
    ..

    ReplyDelete
  2. ඉක්මනටම දාන්නම් සහෝ

    ReplyDelete
    Replies
    1. Layout--> add a gadget--> More Gadget--> Followers

      Delete
    2. ඕන්න ඒකත් දැන් හරි ඉත්තූති වේවා ....! :))

      Delete
  3. හිහි..
    එක එක කට්ටිය ඉන්නව ඒ අයට එක එක විදියට නෙව සංතෝස ලැබෙන්නෙ...
    ඒ වගේ කෙනෙක් ගෙ වැඩක් වෙන්නඇති...
    පට්ට ළමයො...


    ඒ දිලිසෙන ඇස්
    මතක් වෙනවටත්
    අකමැති...
    මතකු වුණාම
    හිත කීතු කරල දාන
    ඒ දිලිසෙන ඇස්...

    ReplyDelete
  4. අදනෙ ඇහැ ගැටුනෙ බ්ලොග. මුලින්ම සුභ පැතුම්.

    පොඩී අදහසක් කියන්නද? අකුරු වල පාට නිසා පෝස්ට් එක කියවත්දි වෙහෙසයි වගේ. විශේෂෙන්ම අපි වගේ හද්ද වයසක උන්දැලට. :D

    කැමති නම් ගැලපෙන හොද පාටක් දානවද?

    ReplyDelete
    Replies
    1. සොරි වේවා ඔය ප්‍රශ්ණෙ තියෙන්නෙ ෆෝන් එකෙන් කියවත්දියි. එතකොට නම් පේන්නෙම නෑ. ඒත් ලැපෙන් අවුලක් නෑ.

      දැන් කවුද ඇත්තටම අර SMS එක යැවුවෙ??? :)

      Delete
    2. ‍ම‍ටත්‍ ‍මේ බ්‍‍ලොග්‍ ‍එ‍ක ‍අ‍ද ‍ඇ‍හැ ‍ගැ‍ටු‍නේ , ‍ඔ‍යා‍අ‍ලුත්‍ ‍ලි‍ය‍න ‍ගො‍ඩක්‍ ‍දෙ‍නෙක්‍‍ට ‍උ‍ද‍වු ‍ක‍ර‍න‍වා ප්‍රි‍ය‍දර්‍ශ‍න ,‍ම‍ගේ ‍ආ‍චා‍ර‍ය

      Delete
    3. ‍හී..... ‍වැ‍ර‍දු‍නා ප්‍රි‍ය‍සාද්‍

      Delete
  5. බොහොම ඉස්තූතී... ඒ SMS එක යැව්වේ කව්ද කියන එක අදටත් රහසක් ප්‍රියා :)

    ReplyDelete
  6. වැඩේ හොඳයි, මෙක මුල ඉඳලම බැලුවත් කමෙන්ට් එකක් වත් දාන්න බැරි උනා. :( (Y)

    ඇත්තටම බස් වල යනකොට අකුණු වදින්නෙ නැද්ද දිලා, "දිලිසෙන ඇස්" ගෙන් අහල කියනවද ???

    ReplyDelete
    Replies
    1. ඔව්නෙ නමිල් මල්ලියා.."දිළිසෙන ඇස්" ගෙන් මම ඔය ගැන ඇත්තටම ඇහුවා .එයා නම් කිව්වා නෑ ලු . ;D ගොඩාක් ස්තූතියි නිතර මේ පැත්තේ එනව කියල දන්නවා . කමෙන්ට් නොකලත් තරහක් නෑ හොඳේ :)

      Delete
  7. ඔන්න දිලා මාත් ආවා..අර ප්‍රියශාද් කිව්වා වගේ ෆොන්ට් කලර් එක පොඩ්ඩක් මාරු කරන්න පුළුවන් නම් හොඳයි ඇහට ටිකක් අමාරුයි මේ ලා පාට..ඒත් ඔයා ආස ඒ පාට නම් කමක් නෑ..:)

    අයියෝ ඔය එෆ් එම් වල කියවන සමහර පෙම් පණිවුඩ ඇහුවම නම් හතර විලිලැජ්ජාවයි..සමහරවිට බස් එකේ හිටපු සයිකෝ ඩයල් එකක් වෙන්නැති එස් එම් එස් එක යැව්වේ..ඒවුණත් ඉතින් ජොලි වැඩක් වෙලා තියෙන්නේ..:D

    ReplyDelete
  8. :D සාදරයෙන් පිලිගන්නවා දිලාගේ ලෝකයට

    ReplyDelete
    Replies
    1. ඕන්න පාටත් වෙනස් කලා ,ප්‍රියා ,තනි තරුව ..ස්තූතියි අඩුපාඩු පෙන්නුවට

      Delete