Thursday, July 31, 2014

ඔබ ගැන මගෙ අතින් කවි ලියවුනා මදී ...

බෝසත් මව් ගුණය ඔබ ළඟ තිබුනි           රැඳී 
දෙවියොත් අම්මෙ ගුණ යහපත් කමට       වඳී
තිබුනත් ගුණ සුවඳ මගෙ හදවතේ             රැඳී 
ඔබ ගැන මගෙ අතින් කවි ලියවුනා           මදී 

කවි කිවිඳියන් වැනුවත් කොතරම්          සඳරූ 
ඔබෙ වත තරම් සඳවත නෑ මට           සොඳුරූ
ඇකයේ හොවාගෙන මා නැළවූ             අයුරූ 
මතකයි තවම ඒ නැළවිලි ගී                  මියුරූ 

දෙගුරුන් ළඟ නොමැති අඩුවක් නැහැ   දැනුනේ 
සෙවණැල්ලක් විලසිනි මා ළඟ              රැඳුනේ 
දරු සෙනෙහසට මැදි වී ජය කොඩි       බැඳුනේ 
ඔබෙ පපුතුරෙහි සෙනෙහහස නිති රැළි නැගුනේ 


මාගෙන් තොරවු ජීවිතයක් නුඹ      නොපැතී 
නූඹෙ ළය මඬල මා වෙනුවෙන් නිති  ගැහුනී 
පෙන්වා මග නොමග නිති දියුණුව       විමසී 
අම්මේ නිවන් යන්නට ඒ පිනම             ඇතී!! 


නිමන්තිකා ...

ප.ලි .මා අතහැර නුඹ ගොස් දැන් තෙඅව්රුද්දකි ..සත්තකින්ම නුඹ නමට මාතින් 
ලියවුනේ කවි අතලොස්සකි.ඒ මන්ද නූඹේ ගුණ වැයීමට මට ස්වප්තකය මදි නිසාවෙනි . 


24 comments:

  1. දාපු ගමන්ම කියෙව්ව ඕන්.. ඔයාගෙ කවි වල අන්තිම වචනෙට මුලු කවියෙම බර තියල තියෙනව. එ විදිය මට හරි රහයි. විදිය වෙනස් උනත් කවි ටික ලස්සනයි. දිගටම ලියන්න...

    ReplyDelete
    Replies
    1. හුඟාක් ස්තූතියි අමිල

      Delete
  2. ඉගිලෙන්න හැකිනම් යලිත් මට
    කාලයට රහසින් අතීතෙට
    ඔබේ උකුලට තියාගෙන හිස
    නිදන්නට ආසයි යලිත් මට ...
    දෝරෙ ගලනා සෙනෙහෙසක් ලග
    ගැහෙන හදවත සැනසවයි නුඹ
    නුඹේ සෙවනේ නැහැ බියක් මට
    රජෙක් මම අත්තම්මෙ නුඹ ලග ...

    කවි ටික කියවද්දි ඇහැට කදූලක් ආව.ගෙතුම අපූරුයි ...

    ReplyDelete
    Replies
    1. හුගාක් ලස්සනයි ළිහිණියෝ. ස්තූතියි ඔයාට
      :)

      Delete
  3. අම්මා කෙනෙක් ගැන පද ටිකක් එකතු කරන එක පුදුම අමාරු වැඩක් ,මමත් කාලේකට කලින් ලිව්වා පද ටිකක් අම්මා ගැන එක ලිව්වට එත් හිතට මදි ,ඔබේ පද තුල බර ඇති බර හිතට දැනුනා ...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි සහෝ... ඒ අඩුව මකන්න කවි කොයිතරම් හැදුවත් මදි

      Delete
  4. මවු ගුණ ගැන ලියවෙන පද වල අගය හැමදාමත් ඒ මවු ගුණ වලට සමාන කරන්න බෑ කොහෙත්තම.. මවු ගුණ අමිලයි,,

    ReplyDelete
    Replies
    1. ඔයා හරි දිනේෂ් අයියේ

      Delete
  5. අම්මා කියන චරිතෙට් සම කරන්න තව ච‍රිතයක් නෑ.

    ReplyDelete
    Replies
    1. හ්ම් .. මට අම්ම උනෙත් අත්තම්ම .. :)

      Delete
  6. අම්ම ගැන ලියන තරං කවි ඕන තරං... ඒත් ඒ හැම එකක්ම එකිනෙකට වෙනස් රසයක් දෙන්නෙ...
    අපූරුයි ඔබේ කවි වදන් පෙළ.. සුමටව සිතට දැනුනා අපූරුවට..
    ජයවේවා

    ReplyDelete
  7. දිළිණි.....................

    කවිය නම් හරිම ලස්සනයි. පද ගැලපීම හරිම අගෙයි... ඒ වචන හදවතට ම දැනෙනවා. ඉතින් ඔබ සතු රචනා හැකියාව ගැන මොනවට කතා කරනවාද....

    ඉතින් ඒ සෙනෙහස අකුරු කරන්නට ඇත්තට ම අපහසුයි තමයි. ඔබ විසින් ලැබ ඇති සෙනෙහස ඔය නිර්මාණශීලීත්වය ජනිත කිරීමට ලොකු සහයක් දෙන්න ඇති කියලත් හිතෙනවා...............

    ReplyDelete
  8. ඔයා හරි පවුර ..ඉස්සර මගේ කවි ඉස්සල්ලම කියවන්නේ ඇය ..
    බොහොමත්ම ස්තූතියි ඔබට ...
    ඔයාල හැමෝගෙම ඇගයීම් මාව තවත් දිරිමත් කරනවා ...

    ReplyDelete
  9. කවි පද ටිකනම් ඉස්තරම්..
    අපි මේ ලෝකෙ වැඩියෙන්ම ආදරේ කරන අපේ සමීපතයින් ගැන කොච්චර කවි ලීවත් ඒ කවි ඒ ආදරේට සම කරන්න බෑ..
    විශේෂයෙන් අම්ම ගැන..

    ReplyDelete
    Replies
    1. ඒකනේ සංචාරකයෝ...ස්තූතියි හොඳේ

      Delete
  10. අම්මා ගැන කියා,ලියා අවසන් කරන්න බෑ,... දිලා මේ කවි අගෙයි

    ReplyDelete
    Replies
    1. ඔයාටත් බෝම ස්තූතියි ශානු අක්කා

      Delete
  11. අලුත් විදිහට ලෝකය දකින..අලුත් දේවල් කරන්න සිහින දකින.. ඔබ වෙනුවෙන්ම නිර්මානය කල..ඔබගේම ෆොරමය..
    ekathuwa.org

    එකතුව බ්ලොග් සම්මාන සැනකෙලියට බ්ලොග් අඩවි ලියාපදිංචිය දැන් ඇරඹුනා..

    ReplyDelete
  12. අම්මේ නිවන් යන්නට ඒ පිනම ඇතී.....

    ReplyDelete
  13. ලස්සනයි. හිතටම වැදුනා...

    ReplyDelete
  14. අදමයි මේ පැත්තේ ආවේ........... ලස්සනයි. හදවතට දැනෙන්න ලියල තියෙනවා. සුබ පැතුම්...!

    ReplyDelete
    Replies
    1. අනේ සොරි වෙන්ඩෝනෑ රිප්ලයි කරන්ඩ පරක්කු උනාට..සාදරයෙන් පිලිගන්නවා දිලාගේ ලෝකයට
      බොහොම ස්තූතියි සිතුම්

      Delete