සුදු සඳක් පායන්න වෙර දරන ආකහේ
සඳ කඳුළු පිසින්නට කෙනෙකු නැත පෙර වගේ
ඉස්සරමදවස් වල දුක කීව පෙම්හිතේ
රන් හීන උදුරාගෙන සඳ සාවි කොහිගියේ
සුවඳ මල් මතකයේ සඳ රේණු අතීතේ
කඳුළු පිරි මතකයක් පමණි ඒ වසන්තේ
මාලතී නොපිපුනත් කඳුළු හද විජිතයේ
පුරහඳක් සිරි මුහුණ සිත පුරා ඇඳි තියේ
හිත රිදී දුක පිරී ගෙවෙන හැම තත්පරේ
නොරිදි හැඟුමක් නොවේ දුක විඳින තුන් හිතේ
අවොතින් අයෙමත් කවද හෝ පෙර ලෙසේ
සත්තමයි එදාටත් ඔබටමයි ආදරේ......
නිමන්තිකා
Great blog, I enjoyed reading it
ReplyDelete