සුබ නැකතින් නව ලොවකට දොර හැරුනාපෙම්බර සිහින පෙර දින සිට සිත මැවුනාදෑඟිලි බැඳන් නුඹ නිවසට ගොඩ වැදුනාමට විතරක් නොවේ දුටුවෙමි නුඹටත් හැඩුනාමගේ හිමි නුඹේ පුතු බව මම පිලිගනිමිමගේ මවු වැනිවූ නුඹ වෙනසක් නොදන්නෙමිකඳුලින් පිරුණු නෙත කී තතු හැඳින්නෙමිකිසිදින නුඹගේ පුතු උදුරා නොගන්නෙමිපුරා හඳ මමයි පෑයූ ඔහු සෙනෙහෙ ලොවේදිනකර නුඹයි නුඹ ළඟ ලෝකයම මැවේසිත සුව සදන නුඹේ උකුලත රැඳුනු සුවේසමකල නොහැක නුඹ අන් කිසිවෙකුට ලොවේ
දන්නෙමි මමත් මව් ගුණකඳ නැත නිම්මාවැදු දරු කැලට නිරතුරු පෑවේ පෙම්මාලේලිගෙ ලකුණු මම නම් අහකට දැම්මාවෙයන් නුඹත් මට නැන්දෙක් නොව අම්මා
නිමන්තිකා
No comments:
Post a Comment