හිමින් සීරුවේ මනියෙන් නොමිදුනු
සිනිඳු පියාපත් කුමුදු මලේ......
සිනිඳු පියාපත් කුමුදු මලේ......
සහස් ගව් දුරක් ඇවිද ඇවිත් නැත
දිවියම ලපටියි තවම සිතේ......
මනියෙන් මුක්තව සිනහ සලන විට
කව්රුද වනනා දෑත දිගේ.........
පෙම් කඳ අරගෙන ඇයි දැයි නොදනිමි
සළු එලු යහනේ නෙතු වැසුනේ.......
සළු එලු යහනේ නෙතු වැසුනේ.......
වැව් තාවුල්ලට වැටී ඉපිර මල්
රැයක් පහන් වන හෝරාවේ....
රැයක් පහන් වන හෝරාවේ....
ඔබට දයාබර නෙළුම් පතක් මත
පිණි බිඳු වැකුණයි සිහින් සැරේ....
ගත රස සොයමින් සිත දිවගෙන
පින්මද සෙනෙහස ලැබුනු වෙලේ.....
හදාගන්න හිතකියාදෙන්න මට
කව්රුද මට මා අහිමි කලේ.....
පින්මද සෙනෙහස ලැබුනු වෙලේ.....
හදාගන්න හිතකියාදෙන්න මට
කව්රුද මට මා අහිමි කලේ.....
නිමන්තිකා
ලස්සනයි..
ReplyDeleteඅර්ථය පැහැදිලි කරලා පුංචි විස්තරයක් මේ එක්කම දාන්න පුලුවන්නම් ගොඩක් වටිනවා...
මේකෙන් අදහස් කලේ, කුමුදු මලක් වගේ සියුමැළි යුවතියක් ආදරය ලෙස වටහාගෙන සල්ලාලයෙකුට රැවටී, ඉන්පසු ඇයගේ හදවතේ
ReplyDeleteඇතිවන හැගීම් ගැන.
අදහසට හුගාක් ස්තූතියි අමිල..