සැදෑ අහසින් නික්ම ගිය හිරු
ඇවිත් පෙරඹර එළිය කරදී
පොළෝ තලයම වසයි රන්කෙඳී
සිනහ වෙයි තරු වැල්ද පිබිදී
මැදියම් රෑ සදවතියගෙ
කෝළ නුරා පෙම් පැදි ගී
හැංගි හොරා ඉගි පෑවද
තරු මල් දුටුවයි හිනහී
ලියාගන්නට බැරිව ලතවෙමි
ආදරේ මල් සුවඳ පිබිදී
කියාගැනුමටදහසකුත් දේ
තිබේ මා හද පතුලෙ කිමිදී
දරාගන්නට නොහැකි තරමට
වේදනා ගල් ගැහුනි පෙරදී
මුදාහරිනට අවසරද මට
චේතනා තනිකමක නොරැඳී.................
නිමන්තිකා
No comments:
Post a Comment