මේක නම් මගේ පුංචි සංදියේ රසබර මතක වලින් එකක් ...
මං ඉතින් බහ තෝරන වයසෙ ඉඳලම ඇති දැඩි උනේ අත්තම්මා එක්කලනේ ..ඉතිං මම රෑට බත් කනවා හරිම හොරයිලු .දවසක් මගේ මාම මේකට හොඳ විසඳුමක් හොයාගෙන .ඒ තමයි ''LIGHT HOUSE''.
ඒ කියන්නේ හිස් ජෑම් බෝතලයකට කනා මැදිරියෝ කීපදෙනෙක් අල්ලලා දමලා, සිදුරු
විදපු කඩදාසියකින් බෝතලේ කට වහලා , ගෙදර සාලෙ light off කරල මට පෙන්නන එක.
ඉතිං මං LIGHT HOUSE'' 1 දිහා බලන් ඉද්දි අත්තම්මා මට කවනවලු.දන්නෙම නැතුව මං ඔක්කොම බත් ටික කනවලු .අද අත්තම්මා මගේ ළඟ නැතත් ,අදටත් රෑට කනාමැදිරියෙක් දකින හැම වෙලාවකම මාව උස් මහත් කරන්න අත්තම්මයි මාමයි විඳපු දුක ,ඒ අහිංසක උත්සාහය මතක් වෙලා ඇස් තෙත් වෙන්නෙ මටත් නොදැනිම.
නිමන්තිකා
Oyage Sonduru Mathaka eke Akkage babata dapu post eka godak lassanai
ReplyDeleteසුදු ඇත් පැටවෙක් සුදු නෙළුමක් ගෙන, මා කුස වට තව සක්මන් නොකලද,
කලයක් විලසට පිම්බි දිස් වන ,පින්බර කුස තව නොපිරි තිබුනද,
පුතුට ජීවේ දෙන්නට සැකසි ඇති ,මුදු ලමදට තව කිරි නොඑරුනද,
දන්නෙමි දරු දුක අම්මෙක් නොවුනට, දරුවන් පොකුරක් නලවා ඇති සද,
ඇයිදෙයි කිවහොත් හේතු ඇසූ කළ , දරුවන් බිහිකළ සොයුරියෝ 4ක් ,
පවුරක් ලෙස ඇත මා ගත වට කොට.......
(අපේ අක්කල 4 දෙනාටම බබාලා ඉන්නව නිමන්තිකා අක්කෙ, ඒ නිසා අළුත් බබෙක් ආවම එන සතුට මම හොදට දන්නවා)