ගහකොළ පිරුණු වන දහනක රැඳි නිල්ල
බාධක හමු වුනද කල නොහැකියි මෙල්ල
මනහර දසුන් නෙත පිනවන දිය ඇල්ල
කෙතරම් පියකරුද දුන්හිඳ දිය ඇල්ල
හිමකැටි සුදෝ සුදු පැහැයෙන් නිති උදුල
නොනැවති ගයන අරුමැති ගීයකි සසල
නොකිළිටි විලස රැක ගනු රිසියෙන් සිසිල
සඟවයි ඇගේ රූ සිරි මහ වන වදුල
පිපිලා සිනාසෙනමල්ගොමු අරුණැල්ලේ
ඉමිහිරි කුරුළු කූජනයක නැළවිල්ලේ
රඳවා තබාගෙන නෙක සිත එක එල්ලේ
තව ලස්සනට නටපන් සුන්දර කෙල්ලේ
නිමන්තිකා
No comments:
Post a Comment