කරඹ මලේ......
කරඹ කැලේ,
රළු පරළු බිමේ...,
පිපුණු මලේ,
සුදු කරඹ මලේ...,
දුක් කඳුළු නියං - හැමදාම ඇතී...,
හුරු පුරුදු වෙලා - ඉවසාන හිඳී
හිත හදාගන්න - මොහොතකට හරී
එක සිනා පොදක්- වැටුනාම ඇතී...,
සුදු පාට රටා - සේදෙන්න නොදී...,
කටු අකුල් පවා - සරසන්න බැඳී
තව සොඳුරු ලොවක් - නොපතන්න යලී
වන මලක් උනේ - පෙර පවට පිපී......,
හැමදාමත් ඔබගේ නිර්මාණ සතුටින් රසවින්දා.. ස්තුතියි
ReplyDeleteස්තූතියි!!!
ReplyDeleteAthatama..harima lassanai...issarahatath me wage lassana nirmana karnna shakthiya dairya nirathuru labewa...!!! kya mama wish karanwa...!
ReplyDeleteගොඩාක් ස්තූතියි මල්කි නංගෝ.....
DeleteThanks, great post.
ReplyDelete