Thursday, June 26, 2014

මගේ සීනය

වැට කඩොලු බිඳී නැති කඩුපුලක  සුවඳක් වෙලා 
ඉඳි කඩුල්ලෙනුත් පැන මා සොයා එන තුරා 
හඬ හඬා ඉකි බිඳින පාළු තුන් සිත පුරා 
නූඹේ සුවඳ වපුරමී ජීවිතේ ඇති තුරා 


සිහිනයක දැවටෙමින් සිහින මල් පිබිදුනි 
තෙපලු මුදු වදනකින් මගේ සිත ගොළු වුනී 
ජීවිතේ ළඟ මගේ නූඹේ හඬ රැව් දුනී 
සුදු කඩුපුලක් පිපී සිහිවටනයක් උනී 


නිමන්තිකා

1 comment:

  1. බොහොම ලස්සනයි පැදි පෙළ දිලා...
    අපූරු කවි එකතුවක් තියනව වගේ මේකෙ..
    දවසක බලන්නංකො මුල ඉඳන්...

    ReplyDelete